Friday, July 22, 2016

රාමා සහ රාවණා

















ඇත්තටම අපිට වරදින්න ඇති රාවණා
මගේ ප්රේම කතාවෙහි වීරයා 
රාමා
විය යුතුයි
ඒත් ඇත්තටම වීරයා වුනේ රාවණා
කොහෙදෝ හංගපු
ආදරයක් 
ඔය පපුකැවුත්තෙ මං වෙනුවෙන් තිබුණා
රාවණා. 
මං මුලා වූ ගිරිහිස'ඟ මත තාමත් මම
තනිවෙලා 
ඇත්තටම පෙමිි කලේ රාවණා,
ඒත් අදටත් හොයන්නෙම 
ආදරේ කියාදුන්නු රාවණා නෙවෙයි,
රාමා.

Thursday, July 21, 2016

ජීවත්වීම උදෙසා වෙන්වීම













එකවර සිහි කරමු, අපි
ඔබ මා හමුවුණ ඒ සොඳුරු 
නිමෙිෂය

එකවර සිනාසෙමු, අපි
මතකය අමතක නොවෙන
ලෙස

එකවර පිසදාලමු, අපි
අපිටත් හොරා ඇදී වන
කඳුළු බිඳු

එකවර වෙන් වී යමු, අපි 
කිසිවෙක් කිසිවෙකු 
නොහදුනනා ලෙස...

Wednesday, July 20, 2016

ස්ත්‍රීත්වයේ කැඩපත














අඳුරු කුටිය තුළ මැවු ඒ සිහිනය
කඩතුර හැර සිහිනය සතපාවිය
හදතුල කකියා පිටවන ආලය
ලෝකය හමුවේ අවමන් විදිනිය

දෙකොපුල් අතරේ සායම් දිස්නය
රන්වන් සිරුරේ දිස්නය නැහැවිය
පිරිමින් හමුවෙි ඈ පවිි කාරිය
සේදිය හැකි නොම වෙි කන්යාවිය

යශෝදරා ඇය නොම වෙිි දේවිය 
සයනේ සැතපෙන කළ ඇය භාරිය
මෘදු කය වැයකොට නිති සුව විදිනිය 
නෙතු දහසක් ඇය වෙත පිටු පෑවිය

තෙල්මල් ගෙන යන විට ඇය වෙහෙරට 
ඇගෙ සෙවනැල්ලත් බරවෙි පොලොවට 
මුනිඳුන් හමුවෙි කළ පවි බිදුමට
යැදුවත් ඔබෙ හඬ නොඇසේ මිහිපිට

අඳුරේ සක්මන් කළ කවිකාරිය
අඳුරේ සෙවණැලි අත ගෑ ගැහැනිය 
අඳුරට පෙමිි බැදි ඈ මනමාලිය
දෙවියන් නැති දෙවොලක ඈ තනිවිය

කර්කශ කතරක ඈ වැලපෙන විට 
ඈ මිය ගිය විට නැත දුක කා හට
අරුමෝසම් වැහි වැටෙනා කතරට 
සේදී යයි ඒ කතරම එකවිට

දෙලොවක් අතරේ ගොඵ වූ පතිනිය
ඇයම වෙිිය ලොව සරසන යෙහෙළිය
සලළූන් අතරේ ඈ සුර මෙහෙසිය 
අඳුරු කුටිය තුළ ඈ සිරකාරිය

විසංවාදි ස්වර















විසංවාදි ස්වර 
ඉකි බිදී නිහඬවම
පවසාවි දැන් නොහදුනනා බව 
මං මුුලා වු ප්රේමයේ සුව,
සාප දිිමෙන්,රිදුම් පිරිමදියි
ඔහු මෙන් ඇයත්,
ඇය මෙන් ඔහුත්,
ගුගුරා වැටෙන සිිත
කදුලැලි
පිලිගනිි දැත දිගුකර 
තුටින් මෙි මහපොලව.