Wednesday, July 20, 2016

ස්ත්‍රීත්වයේ කැඩපත














අඳුරු කුටිය තුළ මැවු ඒ සිහිනය
කඩතුර හැර සිහිනය සතපාවිය
හදතුල කකියා පිටවන ආලය
ලෝකය හමුවේ අවමන් විදිනිය

දෙකොපුල් අතරේ සායම් දිස්නය
රන්වන් සිරුරේ දිස්නය නැහැවිය
පිරිමින් හමුවෙි ඈ පවිි කාරිය
සේදිය හැකි නොම වෙි කන්යාවිය

යශෝදරා ඇය නොම වෙිි දේවිය 
සයනේ සැතපෙන කළ ඇය භාරිය
මෘදු කය වැයකොට නිති සුව විදිනිය 
නෙතු දහසක් ඇය වෙත පිටු පෑවිය

තෙල්මල් ගෙන යන විට ඇය වෙහෙරට 
ඇගෙ සෙවනැල්ලත් බරවෙි පොලොවට 
මුනිඳුන් හමුවෙි කළ පවි බිදුමට
යැදුවත් ඔබෙ හඬ නොඇසේ මිහිපිට

අඳුරේ සක්මන් කළ කවිකාරිය
අඳුරේ සෙවණැලි අත ගෑ ගැහැනිය 
අඳුරට පෙමිි බැදි ඈ මනමාලිය
දෙවියන් නැති දෙවොලක ඈ තනිවිය

කර්කශ කතරක ඈ වැලපෙන විට 
ඈ මිය ගිය විට නැත දුක කා හට
අරුමෝසම් වැහි වැටෙනා කතරට 
සේදී යයි ඒ කතරම එකවිට

දෙලොවක් අතරේ ගොඵ වූ පතිනිය
ඇයම වෙිිය ලොව සරසන යෙහෙළිය
සලළූන් අතරේ ඈ සුර මෙහෙසිය 
අඳුරු කුටිය තුළ ඈ සිරකාරිය

No comments:

Post a Comment